Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Politics

2029 දී නාමල්ව ජනාධිපති කරනවා, ඒක කාටවත් නවත්වන්න බැහැ – ඉන්දික අනුරුද්ධ

By Deshaya
July 15, 2026 1 Min Read
0

වත්මන් ආණ්ඩුව කයිවාරු, පම්පෝරි ගැසුව ද ජනතාවට සහනයක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.

ආණ්ඩුව වෙළෙන්දන්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ‘බදු පිට බදු ගසමින්’ ඇති බවත්, අසරණ ජනතාව ගැන ආණ්ඩුව තැකීමක් නොකරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

‘රටට පාත් වූ එකම හෙනය’ වන්නේ ජාතික ජන බලවේගය බවත්, ඉදිරියේ දී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගමට පැමිණීමට නොහැකි වනු ඇති බවත්, ජනතාව පිළිතුරු ලබා දීමට සූදානමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

2029 වසරේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිවාර්යයෙන්ම ජනපති බවට පත් කරන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුට හෝ නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට පිවිසීමට තීරණය කරයි

Next

මෙගාවොට් 250 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.