Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

විනිසුරු වයස දීර්ඝ කිරිමට විරුද්ධ වුනාම නිශ්ශබ්දව ඉන්න කියලා මට කිව්වා – ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨනීතිඥ ලාල් විජේනායක

By Deshaya
July 27, 2026 1 Min Read
0

ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභාවේ හෝ වෙනත් කිසිදු සභාවක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් නොගත් බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා.

අද (27) පස්වරුවේ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් එක්ව පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡෘවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකළා.

මෙහිදී ලාල් විජේනායක මහතා පවසා සිටියේ යම් යම් පුද්ගලයන්ගේ සිතේ පෞද්ගලිකව මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇත්දැයි තමන් නොදන්නා නමුත් පක්ෂයක් ලෙසට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ජාතික ජනබලවේගය පක්ෂය නොගත් බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සිය විරෝධය පලකළ විට තමන්ට නිශ්ශබ්දව සිටින්නැයි දැනුම් දුන් බවද ලාල් විජේනායක මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියා.

තමන් වසර 55 ක් නීතිඥ වෘත්තියේ යෙදෙන බවත්, වසර 60 ක් වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටින බවත් පෙන්වා දෙන නීතිඥ ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ෆීලීක්ස් ඩයස් ,ජේ .ආර් ජයවර්ධන හා නිහාල් ජයවික්‍රම වැනි අය සමඟ පවා තමන් සටන් කළ බවයි.

මෙය හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් බව පෙන්වා දෙන ලාල් විජේනායක මහතා පවසන්නේ තමන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සදහා අඛණ්ඩව සටන් කරන බවත් මෙහිදී සදහන් කළා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ජනාධිපතිවරයා හට ලිඛිතවද ලබාදුන් බව පවසන ලාල් විජේනායක මහතා සදහන් කරන්නේ මෙම තීන්දුව හරහා අනාගත පරපුර හට වැරදි පූර්වාදර්ශයක් ලබාදීමට කටයුතු නොකල යුතු බවයි.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

අපරාධකරුවන්ට බයේ පෙරහැර අංග නතර කරන පොලිස්පති වහාම ගෙදර යා යුතුයි – බලංගොඩ කස්සප හිමි

Next

අම්මා තාත්තා පවා අතහැරලා අපි සාසනයට ආවේ රට වෙනුවෙන් – ඉදුරාගාරේ ධම්මරතන හිමි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.