Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

පෞද්ගලික ලැබ් වෙත නොගොස් සියලු පරික්ෂණ රජයේ රෝහල්වලින්ම කරගන්න යන්ත්‍ර සූත්‍ර ලබා දීම අරඹයි

By Deshaya
July 23, 2026 1 Min Read
0

රෝගීන්ට පෞද්ගලික අංශය වෙත යාමේ අවශ්‍යතාව මගහැරවමින්, අවශ්‍ය සියලුම රසායනාගාර (ලැබ්) පරීක්ෂණ රජයේ රෝහල්වලින්ම සිදු කරගැනීම සඳහා නව උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ රෝහල් පද්ධතියට මෙලෙස නවීන උපකරණ ලබාදීම හරහා විවිධ පරීක්ෂණ සඳහා රෝගීන්ට මුදල් වැය කරමින් පෞද්ගලික අංශය වෙත යාමට සිදු නොවන බවයි.

එමෙන්ම, පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික ආයතන නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවතින බලතල ප්‍රමාණවත් පරිදි පවරා ගැනීමටත්, ඉදිරියේදී අදාළ පනත් සංශෝධනය කරමින් නියාමන කටයුතු වඩාත් විධිමත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, සම සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් සහ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පවතින පුරප්පාඩු හා අයදුම්පත් සංඛ්‍යාවන් පදනම් කරගත් ගැටලු මෙන්ම ඒවාට ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළේය.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

ලංකාවට මිලිටර් ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය තීරණය කරයි

Next

ඉදිරි වසර කිහිපය තුළ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණයි – රජය තීරණය කරයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.