Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

ඉදිරි වසර කිහිපය තුළ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණයි – රජය තීරණය කරයි

By Deshaya
July 23, 2026 1 Min Read
0

ඉදිරි වසර කිහිපය තුළ රටේ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් රථ භාවිතයෙන් පමණක් සිදු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙට්‍රෝ බස් රථ සේවාව ව්‍යාප්ත කිරීම පිළිබඳව විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රෝ බස් රථ 122ක් කොළඹ නගරය මූලික කරගනිමින් ධාවනයට එක් කරන බවයි.

එමෙන්ම ඉදිරි වසරේදී තවත් බස් රථ 100ක් සහ ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවලට අනුව තවත් බස් රථ 50ල් ආනයනය කිරීමට බලතල ලැබී ඇති බැවින් 2027 වසර වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 272 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා  පැවසීය.

2029 විට මෙට්‍රෝ සමාගම යටතේ බස් රථ 500ක සීමාවට යාමට සැලසුම් කර ඇති බවත් 2032 හෝ 2035වන  විට මුළු ලංකාවේම නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මඟින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.

මෙම කර්මාන්තයට සක්‍රියව දායක වන ලෙස පෞද්ගලික අංශයට, නගර සභාවලට, සමූපකාරවලට සහ විශ්‍රාම වැටුප් අරමුදල්වලටද රජය විසින් ආරාධනා කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

පෞද්ගලික ලැබ් වෙත නොගොස් සියලු පරික්ෂණ රජයේ රෝහල්වලින්ම කරගන්න යන්ත්‍ර සූත්‍ර ලබා දීම අරඹයි

Next

ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් දේපල බද්ද අවශ්‍ය නොවන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දිලා – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.