Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

රුධිර පරී­ක්ෂා­වට වැඩි­පුර අයකළ තවත් රෝහ­ල­කට ලක්ෂ 5ක දඩයක් නියම කරයි

By Deshaya
July 30, 2026 1 Min Read
0

රුධිර පරී­ක්ෂා­වට රුපි­යල් 150ක වැඩි­පුර මුද­ලක් අය කළ වවු­නි­යාවේ පිහිටි රෝහ­ල­කට රුපි­යල් ලක්ෂ පහක (500,000/-) දඩ­යක් නියම කිරී­මට වවු­නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය පිය­වර ගෙන තිබේ.

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ වවු­නි­යාව දිස්ත්‍රික් විම­ර්ශන නිල­ධා­රීන් කළ වැට­ලී­ම­කට අදා­ළව වවු­නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

පෞද්ග­ලික රෝහල් සහ රසා­ය­නා­ගාර මඟින් සිදු කරනු ලබන Full Blood Count (FBC) රුධිර පරී­ක්ෂා­වන් සඳහා පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය මඟින් පනවා ඇති පාලන මිල රු. 400කි.

එම මුදල ඉක්මවා රුපි­යල් 550ක මුද­ලක් අය කර­මින් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලං­ඝ­නය කිරීම සම්බ­න්ධ­යෙන් එම රෝහ­ලට එරෙ­හිව මෙම නඩුව පවරා තිබුණි.

පාරි­භෝ­ගික අධි­කා­රියේ විම­ර්ශන නිල­ධා­රීන් ඉකුත් 14 දින සිදු­කළ වැට­ලී­මක් මඟින් මෙම රෝහල මඟින් රුපි­යල් 550ක මුද­ලක් අය කිරීමේ චෝද­නාව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

මෙම නඩුව පෙරේදා (28) වවු­නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී, ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය විත්ති­කාර රෝහල් සමා­ග­මට රුපි­යල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුද­ලක් නියම කළ බව පාරි­භෝ­ගික අධි­කා­රිය සඳ­හන් කරයි.

පාරි­භෝ­ගි­ක­යන් සූරා­ක­මින් පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ග­ලික රෝහල් හෝ රසා­ය­නා­ගාර පිළි­බඳ කාර්යාල වේලා­වන් තුළ 1977 කෙටි දුර­ක­තන අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය මහ­ජ­න­තා­වට දැනුම් දෙයි.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගනියි

Next

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – අල්ලස් කොමිසම අධිකරණයට කියයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.