Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

හිරගෙවල් පහක ගැටුම් හදන රහස් සැලසුමක් බුද්ධි අංශ හෙළි කර ගනියි – දේශපාලකයින්,නිළධාරීන් සහ රැදවියන් හවුල් බව හෙළි වෙයි

By Deshaya
August 4, 2026 1 Min Read
0

සංවිධානාත්මක පිරිසක් විසින් තවත් බන්ධනාගාර 05ක ගැටුම් ඇති කර මහා විනාශයක් සිදුකර මුළු රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ ගැටුම් පිටුපස ද මෙම සංවිධානාත්මක කණ්ඩායම සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතියි.

බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන අන්දමට දුම්බර, කළුතර, ගාල්ල, කොළඹ මැගසින් සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරවල මෙම ගැටුම් ඇති කිරීමේ සැලසුම් ඇති බවද වාර්තා වෙයි.

බන්ධනාගාරවල මේ ආකාරයේ ගැටුම් ඇති කර රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුම් පිටුපස දේශපාලනඥයන් කීපදෙනෙකුත් බන්ධනාගාරයේ උසස් නිලධාාරීන් කිපදෙනෙකු සහ බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් පිරිසකුත් සිටින බවට තොරතුරු මේ වනවිට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බවද ආරංචි මාර්ග කියා සිටියේය.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් එහි දේපළවලට රුපියල් කෝටි 15කට අධික අලාභයක් සිදු වී තිබිණි. මෙම ගැටුම ඇතිවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. නිශ්චිත හේතුවක් නොමැතිව මෙම ගැටුම ඇති කර තිබුණේ මෙම සංවිධානාත්මක කණ්ඩායමේ මෙහෙයවීමෙන් බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.

මේ වනවිට රටේ සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තරකර ඇති බවද වාර්තා වෙයි.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

පූජිත්ට සහ හේමසිරිට ජම්පරය අන්දයි – විශේෂ පහසුකම් නෑ, පිටින් කෑමත් තහනම් කරයි

Next

මෙරට මෝටර් සයිකල් සදහා පළමුවරට වෙන් කළ මංතීරුවක් එයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.